News Line| Off Air
Generic placeholder image

May
8

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට. ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක්.

843 Views


ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට. ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක්.

ඉන්ධන කියන්නේ අද වෙද්දී මිනිස්සුන්ට වතුර තරමටම වැදගත් දෙයක්. ඉන්ධන මිල ලෝකයේ සම දෙයක්ම පාලනය කරන තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන නොමැති වුනොත් ලෝකයම කඩ වෙතට පුළුවන් තැනට පත් වෙලා තියෙන්නේ.

ඊයේ (7) ආසියානු වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ගියා. ඒ වගේම චීන වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල සටහන් වුණේ ඩොලර් 72.54 ක් විදියට. බ්‍රෙන්ට් බොරතෙල් තැරව්කාර වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 75.63 ක් දක්වා ඉහළ ගියා. මිට කලින් බොරතෙල් බැරලයක ඉහළම මිල විදියට සටහන් වුණේ ඩොලර් 75.94 ක්. ඒ 2014 නොවැම්බර් මාසයේදී දී.

බොරතෙල් මිල මේ විදියට ඉහළ යන්න හේතුව වෙලා තියෙන්නේ ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවන්න තීරණය කිරීම. හදිසියේවත් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනෙව්වොත් දවසකට බොරතෙල් බැරල් මිලියනයක් ලෝක වෙළඳපොලට අහිමි වෙනවා. එහෙම වුනොත් ලෝකයේ ඉන්ධන හිඟයක් ඇති වෙන්න පුළුවන්.

ජාත්‍යන්තර ඔපෙක් සංවිධානය සහ රුසියානු ඉන්ධන සමාගම් 2018 ඉඳන් ඔවුන්ගේ නිෂ්පාදන සිමා කරලා තියෙනවා. ඒ නිසා මේ අර්බුදය තවත් වැඩි වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post