News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

පොලිස් නිලධාරින් රැසකට ස්ථාන මාරු…

589 Views


පොලිස් නිලධාරින් රැසකට ස්ථාන මාරු…

වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් 15 දෙනෙකු ස්ථාන මාරු කර යවා තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරු සිදුකර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

මෙම රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සේවයේ අවශ්‍යතාව මත සිදුකර ඇති බව සඳහන්. ස්ථාන මාරු කළ පොලිස් නිලධාරින් අතර සහකාර පොලිස් අධිකාරීන් 06 දෙනෙකු සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු ද ඇතුළත් වනවා.

එමෙන්ම පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනෙකු ද ස්ථාන මාරු කල පොලිස් නිලධාරින් අතර සිටින බවයි, පොලිස් මුලස්ථානය සඳහන් කලේ.

ඒ අනුව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී යූ.ජී සෙනෙවිරත්න ගාල්ල කොට්ඨාසය වෙතද, කොළඹ මධ්‍යම රථවාහන කෝට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඞී.එල්ඒ. සූරියබණ්ඩාර අම්පාර කොට්ඨාසය වෙතද ස්ථාන මාරු ලබාදී තිබෙනවා. ඉපලෝගම සහ අනුරාධපුර කොට්ඨාසයේ සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්ද ස්ථාන මාරුවීම් හිමි වූ නිලධාරින් අතරට අයත් වනවා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post