News Line| Off Air
Generic placeholder image

May
13

අද හවසත් තද වැසි. කාලගුණය අනතුරු අඟවයි.

1196 Views


අද හවසත් තද වැසි. කාලගුණය අනතුරු අඟවයි.

අස උදේ ඉඳන් අද හාලෙන් මොර සූරන වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කයේ දංගෙදර ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම මහා වැස්සට යට වුණා.

අද හවසටත් මේ විදියටම වහින්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් පිලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන්.

පුත්තලම ඉඳන් කොළඹ දක්වා සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ වල මුහුදුරළ මීටර් 2.5 ක් දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන් නිසා ධිවරයින්ට අවධානයෙන් ඉන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවනවා.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙද්දී මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 ක් දක්වා ඉහළ යන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post