News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

“මිලිමීටර් 100 ට වැඩි මහ වැසි අදත්. මුහුදත් රළු වෙන්න පුළුවන්.” – කාලගුණය කියයි.

605 Views


“මිලිමීටර් 100 ට වැඩි මහ වැසි අදත්. මුහුදත් රළු වෙන්න පුළුවන්.” – කාලගුණය කියයි.

ඊයේ දවසේ අදත් දෙගොඩතලා යන්න වහිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ගිගුරුම් සහිත වස් ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කරේ.

රට වටේම ගොඩක් පළාත් වලට හවස 2.00 න් පස්සේ මේ වැසි ඇති වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල උදේටත් මේ විදියට මහා වැසි ඇති වෙන්න පුළුවන්.

මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත් වලත් පොළොන්නරුව සහ වව්නියාව දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 100 ක් විතර තද වැසි ඇති වෙන්න පුළුවන්.

හෙට දිනය දක්වා පුත්තලම ඉදන් කොළඹ දක්වා සහ ගාල්ලේ ඉඳන් මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශය රළු වෙනවා. ඒ ප්‍රදේශ වල මුහුදු රළ මීටර් 2 -2.5 ක් දක්වා ඉහළ යනවා.


News Articles
Latest Videos
Most Popular Post