News Line| Off Air
Generic placeholder image

May
15

බස් ගාස්තු 8% කින් ඉහළට. පාසල් බස් රථත් ගණන් උස්සයි.

938 Views


බස් ගාස්තු 8% කින් ඉහළට. පාසල් බස් රථත් ගණන් උස්සයි.

ඩීසල් මිලත් එක්ක අනිවාර්යෙන්ම ඉහල යන දෙයක් තමයි බස් ගාස්තු කියන්නේ. මේ වෙද්දීත් බස් ගාස්තු 20% වැඩි කරන්න කියලා බස් සංගම් ඉල්ලලා තියෙනවා. හැබැයි බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වැඩි කරන්න පුළුවන් 10% කට අඩුවෙන්.

ඒ නිසා බස් ගාස්තු 8% කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. අවම ගාස්තුව රුපියලකින් වැඩි කරන්න රජය තීරණය කරලා තියෙනවා.

මේ අතර ඉහළ ගිය ඩීසල් මිලත් එක්ක පාසල් ළමයි ප්‍රවාහනය කරන බස් රථත් ගාස්තු ඉහළ දාන්න හදනවා. 8% – 10% අතර මුදලකින් ගාස්තු වැඩි කරනවා කියලයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post