News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

ඌව පලාතේ ප‍්‍රදේශ රැසක දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළට

807 Views


ඌව පලාතේ ප‍්‍රදේශ රැසක දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළට

ඌව පලාතේ ප‍්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් නිසා රාවණා ඇල්ල, දියලූම සහ දුන්හිඳ යන දිය ඇලිවල ජල ප‍්‍රවාහයන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් සැඩ පහර වැඩි වීමත් සමග එම දියඇලි අසලට ගමන් කිරීමෙන් වලකින ලෙසයි ආපදාකලමනාකරන ඒකකය සහ පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ.

ඇල්ල වැල්ලවාය සහ කොස්ලන්ද වැල්ලවාය යන මාර්ග වලට ස්ථාන කිහිපයකින් පස් කදු සහ ගල් පෙරලීම් කිහිපයක් වාර්තා වනවා. සවස් කාලයේ ද වර්ෂාපතනය වැඩි වුවහොත් එම මාර්ග භාවිතයට ගැනිමේ දී සැලකිලිමත් වන ලෙසයි ආපදාකලමනාකරන ඒකකය වැඩි දුරටත් ජනතාවට දැනුම් දෙනු ලබනවා.

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

SIYATHA FM TOP STORY | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post