News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

දකුණු පළාතේ වෛරස් උණ රෝගීන්ට වෙනම වාට්ටු

943 Views


දකුණු පළාතේ වෛරස් උණ රෝගීන්ට වෙනම වාට්ටු

වෛරස් උණ රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම සඳහා දකුණු පළාතේ ප‍්‍රධාන රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවීමට දකුණු පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබෙනවා. රෝගය පැතිර යාම වැළැක්වීම සහ ප‍්‍රතිකාර සේවා පහසුකරලීම මෙහි අරමුණයි.

පසුගිය මාස එකහමාරක කාලය තුළදී දකුණු පළාතෙන් වාර්තා වූ වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 800 කට ආසන්නයි. රෝගය වැළඳුණු ළමුන් ඇතුළු 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

වෛරස් උණ රෝගය වැළඳුණු දරුවන් පාසල් ගෙන්වා ගැනීමෙන් වළකින්නැයි දකුණු පළාත් අධ්‍යාපන බලධාරින්ට චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසූරිය මහතා පැවසුවේ.

වාතය මගින් බෝවන මෙම රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ජනාශ‍්‍රිත ප‍්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දකුණු පළාතේ ජනතාවට දැනුම් දී සිටිනවා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post