News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට.

519 Views


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව ඉහළට.

දිවයිනේ දිස්ත‍්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 10 ක්. පවුල් 7, 526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටින බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 24,625 ක්. ගම්පහ දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 22,673 දෙනෙකු, පුත්තලම දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 12,760 දෙනෙකු සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 7 482 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා.

දිවයිනේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් අද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ප‍්‍රදේශ රැුසකට මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post