කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ ඇති පාලමේ එක් මං තීරුවක් මේ වන විට විවෘත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු එම පියවර ගත් බවයි.
කෙසේවෙතත් පාලම හරහා වාහන ධාවනයේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසත්, බර අධික වාහන ඒ හරහා ධාවනය කිරීමෙන් වැලකී සිටින ලෙසත් පොලීසිය දැනුම් දෙනවා.
අද පස්වරුවේදී එම පාලම හරහා රථවාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණා. ඒ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාලම ගිලා බැසීමේ අවධානමක් මතුවීම හේතුවෙන්.
SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka