News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

544 Views


දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආර් එච් පේ‍්‍රමලාල් මහතා සඳහන් කලේ ඒ අනුව පලාත් රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර වන තද වැසි අපේක්ෂා කරන බවයි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල ඇති වන ගිගුරුම් සහිත වැසි සමඟ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70ත් 80ත් අතර වන අගයක් දක්වා ඉහල යා හැකි බවද ඔහු සඳහන් කලා.

දිවයිනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය අද සිට තවදුරටත් ඉහල යා හැකි බවයි කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අධික වැසි සහිත කාලගූණ තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 05 ක් සදහා පැනවූ නාය යාම් අවදානම් රතු නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා මෙම අවදානම් නිවේදන පැනවූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලේ.

වර්ෂාවත් සමග කදුකර ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාව නාය යාම් සම්භන්ධයෙන් අවදානයෙන් පසු විය යුතුයි. නායයෑම් ලක්ෂණ දුුටු වහාම හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post