News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක්

545 Views


වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක්

ප‍්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තාවන බවයි.

රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 ක් වාර්තාවී ඇති අතර රෝගය වැළදී ඇති පිරිස 18,000 කට අධිකයි.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ප‍්‍රදේශ රැුසක මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පුත්තලම ප‍්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

කළු ගඟේ ඉහළ ජල ධාරා ප‍්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගෙඟ් ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ මේ හේතුවෙන් රත්නපුර ප‍්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටක් දක්වා ඉහළ යමින් පවතින බවයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ක්. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ දිස්ත‍්‍රික්ක 18 ක පීඩාවට පත් සංඛ්‍යාව 124,733 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පවුල් 11,723 කට අයත් පුද්ගලයින් 44,745 දෙනෙකු ආරක්ෂිත කඳවුරු වල රඳවා සිටිනවා.

SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post