News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

කඩුවෙල බියගම යා කරන පාලම පැය කිහිපයකට වසා තැබීමට පියවර

2536 Views


කඩුවෙල බියගම යා කරන පාලම පැය කිහිපයකට වසා තැබීමට පියවර

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කඩුවෙල බියගම යා කරන කඩුවෙල පාලම අද රාත‍්‍රී 8 සිට පැය කිහිපයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ අනුව හෙට පෙරවරු 6 දක්වා එම පාලම වසා තැබෙන බවයි.

මේ අතර හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශය හරහා රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අධික වැසි සමග ගිණිගත්හේන දියගල ප‍්‍රදේශයේ පසු කදු කඩා වැටීම හේතුවෙන්. අප වාර්තාකරු පැවසුවේ මේ වන විට එම මාර්ගයේ වාහන ධාවනය සදහා එක් මංතීරුවක් පමණක් විවෘත කර ඇති බවයි. කෙසේවෙතත් එම මාර්ගයේ වාහන ධාවනය අවධානම් සහගත බව අඹගමුව ප‍්‍රාදේශීය සභාව නිවේදනය කරනවා.

අධික වර්ෂාවත් සමඟ තවත් ප‍්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් හටගත් ආපදා තත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 13ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ආපදා තත්වය හේතුවෙන් පවුල් 32,136 කට අයත් පුද්ගලයන් 125,954 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ. ඉන් පවුල් 11,723 කට අයත් පුද්ගලයින් 44,745 දෙනෙකු මේ වන විට ආරක්ෂිත කඳවුරු වල රඳවා තිබෙනවා.

ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 43 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 3,225 ක්. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කලේ පීඩාවට පත් වූවන්ට සහන ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදු වන බවයි.

මේ අතර දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට අද පස්වරුවේ්දීත් තද වැසි සහිත කාලගුණික තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ දිවයිනේ තවත් ප‍්‍රදේශ රැසකට අද රාත‍්‍රියේදී තද වැසි ඇති වන බවයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ යන පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ද ඇතිවිය හැකි වනවා.

SIYATHA FM TOP STORY | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post