හදීසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සපයන ලෙස සියලූ දිස්ත‍්‍රික් ලේකම්වරු මගින් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
සිදුවු හානි හා විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන හා වන්දි ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
යම් හානියක් තම නිවසට හෝ දේපළ වලට සිදුව තිබේනම් ග‍්‍රාම නිලධාරීවරයාට ඒ පිළිබඳව හැකි ඉක්මණින් වාර්තා කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.
ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර පවුල් 11,723කට අයත් පුද්ගලයින් 44,745ක් ආරක්ෂිත කදවුරු වල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.
පවුල් 26,623කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 6,913 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. නිවාස 35කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 2,199ක්.
ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 1902 හදීසි ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා.
මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කර ඇති බැවින් ජලාශයේ පහළ කොටසේ ජීවත් වන ජනතාව ඒ සම්භන්ධයෙන් අවදානයෙන් පසු විය යුතු බව දැනුම් දෙන්නේ.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe