News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දීමක්.

830 Views


ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දීමක්.

ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා සඳහන් කලේ.

අදාළ වෛරස් උණ රෝගී තත්වයෙන් හම්බන්තොට ප‍්‍රදේශයට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එම දිස්ත‍්‍රිකකයෙන් වාර්තා වන වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කලේ.

තංගල්ල, තිස්සමහාරාම හා වලස්මුල්ල යන ප‍්‍රදේශ වලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆුලූවෙන්සා රෝගී තත්වය හේතුවෙන් පළාතේ සියලූ පෙර පාසල් තාවකාලිකව වසා තැබීමටයි පියවර ගත්තේ.

එමෙන්ම අධ්‍යාපන කලාප 08 ක පාසල් වල ප‍්‍රාථමික අංශ වසා තැබීමට ද පියවර ගෙන තිබෙනවා. ඉන්ෆුලූවෙන්සා රෝගී තත්වය හේතුවෙන් දකුණු පළාතේ දරුවන් 11 දෙනෙකු ඇතුලූ 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. රෝගීන් 400 දෙනෙකු පමණ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post