News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

අත්තනගලූ‍ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ මාර්ගය දෙපස ජනතාවට සැලකිලිමත්වන ලෙස උපදෙස්.

838 Views


අත්තනගලූ‍ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ මාර්ගය දෙපස ජනතාවට සැලකිලිමත්වන ලෙස උපදෙස්.

අත්තනගලූ‍ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජා – ඇළ දෙපස වේලිවලට ඉහළින් ජලය පිටාර ගලමින් පවතින බව ගම්පහ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ, එය වැළැක්වීම සඳහා මේ වනවිට වැලි කොට්ට ඇතිරීම ආරම්භ කර ඇති බවයි.

ගංවතුර තත්ත්වය ඉහළ යාම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ජා – ඇල ඇළ මාර්ගය දෙපස ජනතාවට දැනුම් දී සිටින්නේ.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. පුත්තලම දිස්ත‍්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලූ‍ණුඔය හා රතඹලාඔය ද පිටාර ගලා ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post