දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති හෙට දින ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ප‍්‍රවාහන අමාත්‍යංශයේදීයි. එහිදී දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෙරෙන බවයි වාර්තා වන්නේ.
දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතියේ සභාපති සම්පත් රාජිත මහතා කියා සිටියේ එම සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබුනහොත් හෙට දින ක‍්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති හෙට දින වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින්. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිතියේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේ හෙට සවස 04.00 සිට එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.
අදාල වර්ජනය ලබන 31 වන දා සවස 04.00 දක්වා ක‍්‍රියාත්මක කරන බව ඔහු ප‍්‍රකාශ කලා. දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු අංශවල සේවකයින් 12,000ක් පමණ එම වර්ජනය සදහා සහභාගීවිමට නියමිත යි.
SIYATHA FM TOP STORY | 05:00 PM | Editor : Amila Udaraka