News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

මහින්ද දේශපි‍්‍රය විසින් ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක්.

689 Views


මහින්ද දේශපි‍්‍රය විසින් ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක්.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ලිපි යොමුකර තිබෙනවා.

සබරගමුව උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී ඇති නමුත් එම මැතිවරණ මෙතෙක් පැවැත්වීමට කටයුතු යොදා නොමැති බවයි එම ලිපියේ සඳහන්ව ඇත්තේ. එමෙන්ම වයඹ, මධ්‍යම, උතුර සහ දකුණු පළාත් සභාවල නිල කාලය වසර අවසානයේදී අවසන් වීමට නියමිතව තිබෙනවා.

එම නිසා පළාත් සභා මැතිවරණ කල් නොදමා කඩිනමින් පවත්වන ලෙසයි මැතිවරණ කොමසාරිස්වරයා සිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ. අදාළ ලිපියේ පිටපත් කථානායකවරයා විපක්ෂ නායකවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ද යොමු කර තිබෙනවා.

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Sithara Athukorala

 


News Articles
Latest Videos
Most Popular Post