News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

නාමල් රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙටට කල් යයි

531 Views


නාමල් රාජපක්ෂගේ නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙටට කල් යයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර හරස් ප‍්‍රශ්න විමසීම හෙට දිනට කල් තබා තිබෙනවා.

ඒ අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ එහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ගේ මෙහෙයවීම යටතේ බොස්ටන් කැපිටල් නැමැති සමාගමේ සභාපති ලෙස කටයුතු කරන රොහාන් අභය ඊරියගොල්ල මහතා සාක්ෂි ලබා දුන බවයි.

ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් සාක්ෂිකරු ගෙන් හරස් ප‍්‍රශ්න විමසීම ආරම්භ කලා.

එහිදී සාක්ෂිකරු කියා සිටියේ තමන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබා දුන් කටඋත්තර පහෙන් කටඋත්තර දෙකක් අසත්‍ය ඒවා බවයි.

නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කළ බවට චෝදනා කරමින් එම නඩුව ගොනු කර තිබෙනවා.

ඒතුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බව පවසමින්මෙම නඩුව පවරනු ලැබුවේ නීතිපතිවරයා විසින්.

SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post