News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දකුණේ වෛරසයට ඖෂධ මිලදී ගන්න කැබිනට් අනුමැතිය

567 Views


ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දකුණේ වෛරසයට ඖෂධ මිලදී ගන්න කැබිනට් අනුමැතිය

දකුණු පළාත තුල පැතිර යන වෛරස් රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒඅ ද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී.

ඊට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්.

අදාල වෛරස් රෝගය කඩිනමින් පාලනය කර දකුණු පළාතේ කුඩා දරුවන් ඇතුලූ ජනතාව රෝගයෙන් බේරා ගැනීමේ අරමුණින් එම යෝජනාව ගෙන එන බවයි ජනාධිපතිතුමා එහිදී සඳහන් කලේ.

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයෙන් මියගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් එකතු වී සිදුවූ ආසාදනයක් බවටයි මේ වන විට සැක පළ වී ඇත්තේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් මේ වනවිට වයස අවුරුදු 12 ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

වෛරස් උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දකුණු පලාතේ පාසල් වල ප‍්‍රාථමික අංශ සියල්ල අද යළි විවෘත කෙරුණා.

රෝගය හේතුවෙන් වසා දැමුණු දකුණු පලාතේ පෙර පාසල් ලබන සදුදා යලි විවෘත කිරීමට නියමිතයි.

SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post