News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

ට‍‍්‍රම්ප් හා කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට අවශ්‍ය මූලික හමුව අද

530 Views


ට‍‍්‍රම්ප් හා කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට අවශ්‍ය මූලික හමුව අද

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍‍්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ සාකච්චා අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සදහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඇතුලූ ඉහළ පෙලේ නිලධාරීන් උතුරු කොරියාවට පැමිණ ඇත්තේ ඊයේ දිනයේදීයි.

උතුරු කොරියා – ඇමරිකා සමුළුවට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට‍‍්‍රම්ප් ජපාන අග‍‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සමඟ ද සාකච්ඡුා කිරීමට නියමිත බව ධවල මන්දිරය වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත හමුවට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ට‍්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර හමුව සිංගප්පූරුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ලබන මස 12 වනදායි.

අදාළ හමුව අවලංගු කරන බවට ට‍්‍රම්ප් පසුගියදා ප‍්‍රකාශ කළ ද පසුව යළි ඔහු ඒ සදහා කැමැත්ත පළ කර තිබුණා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post