News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය අන්තර්ජාලයට

905 Views


පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය අන්තර්ජාලයට

2019 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක‍්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අදාළ සියලූ උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

එම උපදෙස් අනුව සකස් කළ අයදුම්පත‍්‍ර ලබන මස 30 වනදාට පෙර තමන්ට අදාළ පාසල් වල ප‍්‍රධානීන් වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා.

පළමු ශ්‍රේණියේ සමාන්තර පංතියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 37 ක් .

සිසුන් 32 දෙදෙනෙකු පාසල මගින් ද තවත් 5 දෙනෙකු ක‍්‍රියාන්විත රාජකාරියේ නියුතු ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින්ගේ දරුවන්ගෙන් තෝරාගත යුතු බව ද එම චක‍්‍ර ලේඛයේ සඳහන් වනවා.

2019 වසරේ ජනවාරි 31 වනදාට වයස අවුරුදු 05 සම්පූර්ණ වූ දරුවන් වෙනුවෙන් අයදුම්පත‍්‍ර යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

SIYATHA FM TOP STORY | 06:30 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post