News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ඇලෝසියස්ගෙන් ගත් මුදල් පොලිය සමග ගෙවනවා – ෆොන්සේකා කියයි

750 Views


ඇලෝසියස්ගෙන් ගත් මුදල් පොලිය සමග ගෙවනවා – ෆොන්සේකා කියයි

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන 118 දෙනා අතරට අයත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මන්ත‍්‍රී ධූර වලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පසුගිය මැතිවරණයේදී අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබා ගත් මුදල් නැවත පොලිය සමග ලබා දීමට සූදානම් බව අමාත්‍ය ෆීල්ඩි මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන 118 දෙනා අතරට තමන අයත් නොවන බවයි.

SIYATHA FM TOP STORY | 06:30 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post