News Line| Off Air
Generic placeholder image

May
31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල දෙන්නේ කාටද? ක්‍රීඩා ඇමතිගේ තීරණය මෙන්න.

1209 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල දෙන්නේ කාටද? ක්‍රීඩා ඇමතිගේ තීරණය මෙන්න.

ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලූ‍ බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා යටතට පත් කරන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කරා.

අද රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඇමතිතුමා මේ බව කිවුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ පරිපාලනයේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ අවසන් වෙනවා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීම පිළිබදව ජනාධිපතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post