News Line| Off Air
Generic placeholder image

May
31

කොදෙව් දේශයේදී චන්දිමාල් යළි අවදි වෙයි. පළමු දිනයේදීම ශතකයක්. කුසල්ගෙන් 4 වැස්සක්.

3453 Views


කොදෙව් දේශයේදී චන්දිමාල් යළි අවදි වෙයි. පළමු දිනයේදීම ශතකයක්. කුසල්ගෙන් 4 වැස්සක්.

කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට කලින් පුහුණු තරඟය ඊයේ ආරම්භ වුණා. තරඟය පැවැත් වුණේ කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම එක්ක. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ඒ තීරණයට සාධාරණයක් ඉටු කරන්න චන්දිමාල්ටම පුළුවන් වුණා.

යවපු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන නායක චන්දි සහ කුසල් ජනිත් 2 වෙනි කඩුල්ලට ලකුණු 130 ක් රස කරා. පිටිය පුරා 4 වැස්සක් වස්ස වන්න කුසල් ජනිත් සමත් වුණා. 4 පහර 10 ක් සහ 6 පහරක් එක්ක ඔහු ලකුණු 65 ක් රැස් කරා.

ඊට පස්සේ පිටියේ එක්වුන චන්ඩි සහ මැතිව්ස් තවත් ලකුණු 114 ක් සබඳතාවක් ගොඩනැගුවා. ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කල චන්දිමාල් ලකුණු 108 ක් ලබා ගත්තා. ඒ 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් සමඟින්. මැතිව්ස් ලකුණු 41 යි. රොෂේන් සිල්වා ලකුණු 28 යි. දික්වැල්ල නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.

ඊයේ දවසට තරඟය නතර කරද්දී කඩුලු 6 ක් දැවී ලකුණු 318 ක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. රකීම් කෝන්වොල් සහ ජෝමෙල් වොරිකන් කඩුලු 2 බැගින් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post