News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළට

728 Views


පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළට

අද සිට ක‍්‍රියාත්මක වන පරිදි පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නංවා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පාසල් ප‍්‍රවාහන සේවා සංගම් සඳහන් කළේ. මේ යටතේ 10% ක උපරිමයකට යටත්ව පාසල් ප‍්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ගමන් කරන දුර ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන ගාස්තු ඉහල නැංවිය හැකියි. මේ පිළිබදව සිය සංගමයේ සියලූ ශාඛා වෙත දැනුම් දී ඇති බවයි පාසල් ප‍්‍රවාහන සේවා සංගම් සඳහන් කළේ.

ඉන්ධන මිල වැඩි වීමත් සමග පැරණි ගාස්තු යටතේ පාසල් ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාම අසීරු තත්වයට පත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවද එම සංගමය සදහන් කලා

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post