දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පලාත් වලට මිලිමීටර 50 ක්පමණ වන තරමක් තද වැසි ඇති විය හැකි බවයි.
දකුණ සහ ඌව පලාත් වලටත් මඩකලපුව සහ අම්පාර දිස්ත‍්‍රික්ක වලටත් අද පස්වරු කාලයේදී වැසි ඇති විය හැකි වනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ වලද වැසි අපේක්ෂා කෙරෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 60 ක්පමණ දක්වා ඉහල යා හැකි බවයි.
ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව එම කටයුතුවලදී විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka