දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් අද රාත‍්‍රියේ සිට වසා දැමීම හේතුවෙන් අද සිට එහි වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 40 ක උපරිම වේගයක් පවත්වා ගත යුතු බව අධිවේගී මාර්ග මෙහෙයුම් ඒකකය පවසනවා.
එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එක් මංතීරුවක දෙදිශාවටම වාහන ධාවනය සිදු වන බැවින් එම නිවේදනය සිදු කරන බවයි.
ඒ අනුව ඉදිරි මාස 6 ක හෝ මාස 9 ක පමණ කාලයක් එලෙස එක් මංතීරුවක් ඔස්සේ වාහන ගමනාගමනය සිදු වන බවයි ඔහු කියා සිටියේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව හා ගොඩගම අතර වම් පස මංතීරුව අද රාත‍්‍රියේ සිට වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කලේ ඉදි කිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
SIYATHA FM TOP STORY | 05:00 PM | Editor : Amila Udaraka