News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙලක්

626 Views


ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙලක්

ආපදා තත්ත්වයෙන් ඉඩම් අහිමි වූ ජනතාව සඳහා ඉඩම් ලබාදීමේ වැඩපළිවෙල ආරම්භ කර ඇති බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා.

ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල දිස්ත‍්‍රික් ලේකම්වරු විසින් අදාළ නිර්දේශ ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්දේශ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරෙන බව සඳහන්. අනතුරුව එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් රජය සතු පදිංචියට සුදුසු තත්වයේ පවතින ඉඩම් ජනතාවට ලබාදීමට කටයුතු කරනු ඇති.

මේ අතර පසුගියදා ඇති වූ නායයෑම් තත්ත්වයත් සමඟ එම ප‍්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වල නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ගංවතුර පහව ගිය ද ආරක්ෂිත ස්ථාන 32 ක තව දුරටත් පුද්ගලයින් 1,853 දෙනෙකු රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලැබුවා. නිවාස 157 ක් සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 7,642 ක්. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 33,274 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 25,537 දෙනෙකු පීඩාවට පත්වුණා.

SIYATHA Lunch Time News | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post