ප‍්‍රමිතියෙන් තොර ටින් මාළු සොයා වැටලීම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කලේ ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි.
චීනයෙන් ආනයනය කල ටින් මාළු තොඟයක් පරිභෝජනයට නුසුදුසු බවට හෙලි වී තිබෙනවා. මේ වන විටත් එම ටින් මාළු වෙළඳපොලේ අලෙවියට තබා ඇති බවයි අණාවරණය වී ඇත්තේ. එම ටින් මාළු සොයා දීප ව්‍යාප්ත වැටලීම් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කලේ.
SIYATHA Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe