News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාරවෙයි.

839 Views


රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාරවෙයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාර වී තිබෙනවා.
අද දිනයේ ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇති බව සඳහන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට නියෝග කර තිබුනා.

පසුගිය අපේ‍්‍රල් මස 6 වැනිදා කොළඹ ප‍්‍රදේශයේ විහාරස්ථාන භූමියක දී කාන්තාවකට බැණ තර්ජනය කිරීම සහ පහරදීමට තැත් කළ බවට රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳට සහ දියණියට එරෙහිව කුරුඳුවත්ත පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර තිබුණා.

මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ නඩුව පවරා තිබියදීත් සැකකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ දුරකථනය ඔස්සේ පැමිණිලිකාරියට මරණ තර්ජන සිදුකර ඇති බවයි.
කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබුණා. ඒ අනුව ඔවුන් අද දිනයේ අධිකරණයට බාර වී ඇති බව සඳහන්.

SIYATHA Main News | 01:00 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post