දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගයට හේතුව ”ඉන්ෆ්වන්සා ්” වෛරසය බව ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කලේ ඊට අදාළව කල පර්යේෂණ වලදී ඒ බව තහවුරු වූ බවයි.
දකුණු පළාත තුළ පැතිරෙමින් යන ඉන්ෆ්ලූවන්සා රෝගය වැළඳුන බවට සැකකෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල හා හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. හම්බන්තොට මහ රෝහල තුළ ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 38 ක්. ඉන් රෝගීන් 26 දෙනකුම කුඩා දරුවන් වනවා.
හම්බන්තොට මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් කළේ පසුගිය සති කීපයට වඩා මේ දින වල රෝගීන් වර්තාවීමේ ප‍්‍රවණතාවක් පවතින බවයි. නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුවකින් තොරව පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවා.
දකුණු පළාත තුළ පැතිරෙමින් යන වෛරස් රෝගී තත්වය හේතුවෙන් මේ වන විට දරුවන් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
SIYATHA Main News | 04:00 PM | Editor : Nayomi Karunasinghe