ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම අද පෙරවරු 10 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ වුණා.
ජාතික උත්සවය ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුවයි.
ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, කෑගල්ල දිස්ති‍්‍රක් පරිසර පැතිකඩ පිළිබද මූලික ජෛව පරිසර දත්ත වාර්තාව එළිදැක්වීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද තරගවල ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය ආදි වැඩසටහන් රැසක් මෙහිදී කි‍්‍රයාත්මක වුනා.
ජගත් පරිසර දිනයට සමගාමීව කෑගල්ල දිස්ති‍්‍රක්කයේත්, දිවයින පුරාත් පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් එක්ව කටයුතු සැලසුම් කර තිබෙනවා.
ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු, යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.
පසුගිය මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා සතියක කාලය ජාතික පරිසර සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති අතර විවිධ වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.
ජගත් පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ 1972 වර්ෂයේදි ස්වීඩනයේ එක්සත් ජාතින්ගේ සම්මේලනයට ඉදිරිපත්වූ යෝජනාවක් සම්මත වීමත් සමගයි.
SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne