ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්දය මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් වුණා. කුමාරසිරි මහතා තේරී පත් වුනේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින්.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම ඒ සඳහා යෝජනා වුණා.
අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළා. එහිදී ඡන්ද 97ක් ආනන්ද කුමාරසිරි මහතාටත්, ඡන්ද 53 ක් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියටත් හිමි වුණා. එහිදී වැඩි ඡන්ද 44 කින් එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතා නායකයා ලෙස තේරී පත් වුණා.