News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ලබන 12 වන දා

487 Views


අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ලබන 12 වන දා

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ලබන 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කලා.

අදාල නිවේදනය ප‍්‍රකාශයට පත් කරමින් ධවල මන්දිර ප‍්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සදහන් කලේ මේ සදහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානම් බවයි.

උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා හමුවී දින 3 කින් අනතුරුව මෙම හමුව පැවැත්වීමේ දින නියම කර තිබෙනවා.

තවදුරටත් සබඳතා ගොඩනගමින් ඉදිරියටම යා යුතුබව උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා වෙත ලබා දුන් ලිපියේ සඳහන්ව ඇති බවයි ධවල මන්දිර ප‍්‍රකාශිකාව සදහන් කලේ.

උතුරු කොරියාව බලවත් රාජ්‍ය බවත් ඔවුන් න්‍යෂ්ටික අවිහරණය සිදු කරන තුරු අමෙරිකාව විසින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවත් සාරා සැන්ඩර්ස් ප‍්‍රකාශ කලා.

ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා උතුරු කොරියාවේ ජ්‍යේෂඨ නිළධාරී කිම් යොන්ග් චොල් ඇමෙරිකාවට පැමිණියේ පසුගිය පළමු වනදායි.

SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post