ගෝතමාලාවේ ”ෆුඑගෝ” ගිනි කන්ද පුපුරා යාමෙන් අතුරුදන්වු පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ සදහා ගිනි නිවන භටයින් සහ ආරක්ෂක අංශ එක්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
දශක කිහිපයකට පසු ග්වාතමාලාවේ හටගත් ප‍්‍රචණ්ඩතම ගිනි කදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 62 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ෆුඑගෝ ගිනි කන්ද පිහිටා ඇත්තේ ග්වාතමාලා සිටි අගනුවරින් කිලෝමීටර 40 ක් නිරිත දෙසින්. ඉන් නිකුත් වූ ලාවා දහර එල් රොඩෙ ඕ ගම්මානය හරහා ගලායාම හේතුවෙන් ජීවිත හානි වැඩි ප‍්‍රමාණයක් සිදුව තිබෙනවා. එම ගම්මානයේ වැසියන් මිය ගොසු ඇත්තේ සිය නිවෙස් තුළම සිටියදීයි.
පුද්ගලයින් දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. මෙය 1974 වර්ෂයෙන් අනතුරුව ග්වාතමාලාවේ සිදු වූ විශාලතම ගිනි කදු විදාරණය මෙයයි. එරට නිල වාර්තා වලට අනුව මිලියන 1.7 ක පිරිසකට මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා.
SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne