News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

ජල සම්පාදන සේවකයින් අද කොළඹදී විරෝධතාවක්

600 Views


ජල සම්පාදන සේවකයින් අද කොළඹදී විරෝධතාවක්

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන බවයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සදහන් කලේ.

වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති වර්ජනය ආරම්භ කර තිබෙනවා. නමුත් මෙතෙක් තම ඉල්ලීම් වලට විසඳුම් ලැබි නොමැති බවයි එම සංගම් පවසන්නේ.

කෙසේ වෙතත් සේවක ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡුා ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කලා.

මේ අතර තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය ද අද මධ්‍යම රාත‍්‍රි 12 00 ට අවසන් කිරීමට නියමිතයි. පත්වීම් ස්ථීර කිරීම ඇතුලූ ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන් පැය 48ක වර්ජනයක් ආරම්භ කලේ පසුගිය 03 වනදා මධ්‍යම රාත‍්‍රීයේදීයි. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සදහන් කලේ සිය ගැටලූ වලට මේ වනතෙක් විසදුමක් ලැබී නොමැති බවයි.  සිිය ගැටලූ වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව එම සංගම් ප‍්‍රකාශ කලා.

SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post