News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

අද සිට දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

641 Views


අද සිට දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක්

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ නිරිත දිග මෝසම සක‍්‍රීය වීම හේතුවෙන් එම තත්වය ඇතිවන බවයි.

ඒ අනුව දකුණු පළාතට සහ මොණරාගල,මාතලේ ,නුවර එළිය,සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්ක වලට පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ඔහු සඳහන් කලා. ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

මේ අතර සබරගමුව පළාතට සහ කලූතර, ගාල්ල, මාතර යන දිස්ති‍්‍රක්ක වලට තවදුරටත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර, දකුණ,සහ වයඹ යන පළාත්වලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

SIYATHA MORNING MAIN NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post