News Line| Off Air
Generic placeholder image

Jun
6

දකුණේ උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළට. මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා දක්වා වැසේ.

846 Views


දකුණේ උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළට. මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා දක්වා වැසේ.

දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප‍්‍රකාශ කලේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ සෙම් පටල වැඩිදුර පරීක්ෂාව සඳහා විදෙස් විද්‍යාගාර පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මාසයකට අධික කාලයක සිට දකුණු පළාතේ ව්‍යාප්ත වූ උණ රෝගය ඉන්ෆ්ලූ‍වෙන්සා A වෛරසය බව නවතම වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී තිබෙනවා.

වෛරස් උණ වසංගතය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා දක්වා සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

SIYATHA MORNING MAIN NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post