News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

625 Views


කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

මෙරට වියළි කාලාපීය ප‍්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු වියළි කලාපීය ප‍්‍රදේශවලට කෘත‍්‍රීම වැසි ඇති කරන අතර එමගින් කෘෂි කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට නියමිතයි.

අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ, චීනය සමග සම්බන්ධ වෙමින් අදාළ ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන බවයි.

විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවල කෘත‍්‍රීම වැසි ඇති කිරීමේ අධ්‍යයනයක් පසුගිදා සිදුවුණේ තායිලන්ත විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් තායිලන්තයේ සංචාරය කිරීමට නියමිතයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post