කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 500 ක් මිල දී ගැනීමට අදාල ටෙන්ඩර් කැදවීම ඉදිරි මාස 3 තුල සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර තුල එම බස් රථ ලබා ගැනීමට උපරිම උත්සහ කරන බවයි.
මේ අතර, පිළිකා රෝග කල් තියා හඳුනා ගැනීම සඳහා වැදගත් වන නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින්.
මහරගම අපේක්ෂා රෝහලට සහ මහනුවර ශික්ෂණ රෝහලට විශේෂ ස්කෑන් යන්ත‍්‍රයක් මිලදී ගෙන සවිකිරීම සදහා ඕස්ටේ‍්‍රලියානු ආයතනයක් සමග සාකච්ඡා පවත්වන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ.
තෝරාගත් පාසල්වල සිසුන් සඳහා කිරි පැකට්ටුවක් ලබා දීමේ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe