News Line| Off Air
Generic placeholder image

Jun
9

අල් ජසිරා නාලිකාවට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්. තරඟ පාවාදීම් ගැන හොයන්න පොලීසියේ වෙනම Unit එකක්.

740 Views


අල් ජසිරා නාලිකාවට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්. තරඟ පාවාදීම් ගැන හොයන්න පොලීසියේ වෙනම Unit එකක්.

මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන ICC පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ICC නීතිරීති වල හැටියට මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් කරන්න අවසර නැහැ. ඒ වුණත් ආයෙත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රීඩා අමාත්‍යංශය වැඩපිළිවෙලක් හදලා. ඒ අනුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් හොයන්න ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරන්න ඉදිරියේ දී කටයුතු කරනවා කියලා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සිදුකල සාකච්ඡාවේ කරුණු පිළිබඳවඳ අමාත්‍යවරයා පැහැදිළි කිරීමක් කරා.

“උසාවියේ නඩුවක් හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකිවීම ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කළා.

ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා අපි ඉතාමත් සුහදව සාකච්චා කළා. අතුරු කමිටුවක් පත් නොකරන ලෙස කිසිම යෝජනාවක් ඔවුන් අපිට ඉදිරිපත් කළේ නැහැ. එය ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්. උසාවිය දීපු තීන්දුව නිසා අපිට මේ වන විට නිලවරණයක් පැවැත්වීමට නොහැකියි.

ඒ නිසයි මම නිසි බලධාරියෙකු ඊට පත්කළේ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ කටයුතු ගැන පැහැදිලි කළා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ඉලක්කය පුළුවන් තරම් ඉක්මනට නිලවරණය පවත්වන්නයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි අපේ කරුණු ඉදිරිපත් කළා. ඔවුන් අපිට ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කළා.

ඒ වගේම තරග පාවාදීම සම්බන්ධයෙන් අපි අලුත් කෙටුම්පතක් ගේන්න යෝජනා කරලා තියෙනවා. අනාගතයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම කැබිනට් මණ්ඩලයට අලුතෙන් කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරනවා“ කියලයි ක්‍රීඩා ඇමතිතුමා කිවුවේ.

ඒ වගේම තරඟ පාවාදීම ගැන කරන පරීක්ෂණ වලට ඇවිත් තමන්ට සහය වෙන්න කියලා ක්‍රීඩා ඇමතිතුමා අල් ජසිරා නාලිකාවට ආරාධනාවකුත් කරා.


News Articles
Latest Videos
Most Popular Post