News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

1080 Views


පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

සංචාරක ශී‍්‍ර ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලූ 08 කට ලකුණු 414 ක් ලබා සිටියදීයි.
ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාවට සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.
දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලූ 07 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ අනුව ජයග‍්‍රහණය සදහා ශී‍්‍ර ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 453 ක්.
නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 226 ක් පමණයි.
කුසල් මෙන්ඩිස් සිය 05 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා.
තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේ ශේන් ඩවුරිච් විසින්.
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් තරගය ලබන 14 වනදා ශාන්ත ලූසියාහි ඩැරන් සැමී කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post