News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

යශෝධ රංගේ බණ්ඩාර අතින් සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු අද හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත

728 Views


යශෝධ රංගේ බණ්ඩාර අතින් සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු අද හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු කිහිපයක් අද දිනයේදී හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කරන බව පොලීසිය පවසනවා.

යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල වාහනය වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අයත් වාහනයක් බවට පොලීසියට පසුගිය 8 වනදා ප‍්‍රකාශයක් ලැබුණා. පොලීසිය පැවසුවේ වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජේ එම් කපිල ජයසේකර මහතා විසින් ඒ පිලිබදව ආරච්චිකට්ටුව පොලීසිය වෙත දැනුම් දී ඇති බවයි. යශෝධ රංගේ බණ්ඩාර මහතා මේ වන විට ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 6 වනදා සිදුවූ අනතුරින් තුවාල ලබා ශ‍්‍රී ජයවර්ධන පුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී යශොධ රංගේ බණ්ඩාර මහතාව ආරච්චිකටිටුව පොලීසිය විසින් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගැණුනා. යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථය ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය 6 වනදා අලූයමදී යි. පොලීසිය පැවසුවේ කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව එය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බවයි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post