කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත් මහතා ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා. පොලීසිය පැවසුවේ කෙසේවෙතත් දෙපාර්ශවයේම පවුල් වල ඥාතීන් ඒ පිලිබද පැහැදිලි තොරතුරක් පොලීසිය වෙත ලබා දීමෙන් වැලකී සිටින බවයි.
කොස්ගොඩ සුජී නැමති පාතාල කල්ලි නායකයා සහ ඩොනල්ඞ් සම්පත් මහතා අතර කලක සිට පැවති ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කලා. පුද්ගලික ආරවුල ඇති වීමට පෙර ඩොනල්ඞ් සම්පත් මහතා විින් කොස්ගොඩ සුජී නැමැත්තාව සමීප ලෙෂ ඇසුරු කර ඇති අතර ඔවුන් විරසික වී ඇත්තේ ඉන් පසුවයි.
මේ අතර ඩොනල්ඞ් සම්පත් මහතාගේ සොහොයුරු ඩොනල් කුමාර මහතා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ පසුගිය පලාත් පාලන ඡුන්ද විමසීමට පෙර ගිනි අවි 3ක් ලග තබා ගැනීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබා දුන් නියෝගයට අනුවයි. අදාල පුද්ගලයාට අයත් බෝර 12 ගිණි අවි 2 ක් සහ විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම සියලූ කරුණු මත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ තවදුරටත් මෙහෙයුම් සිදු වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 9 වනදා අත්අඩංගුවට ගත් අසේල රණසිංහ නැමැති 22 හැවිරිදි තරුණයාකොස්ගොඩ සුජී නැමති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙක්. ඌරගස්මංහදිය කොරකීන ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 08 වනදා රාති‍්‍රයේදීයි.
උප සභාපතිවරයා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala