මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් සීෂෙල්ස් හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සීෂෙල්ස් තානාපති කාර්යාලය සඳහන් කලේ ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දුන් බවයිසීෂෙල්ස්හිදී එලෙස
අත්අඩංගුවට ලක් වුනේ බේරුවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක්. ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කලේ
මේ අතර තලෙයිමන්නාරම ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සොයා තදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. පොලීසිය පැවසුවේ පසුගිය 8 වනදා ඔවුන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ඇති බවයි. එලෙස අතුරු දන් වී ඇත්තේ තලෙයිමන්නාරම ප‍්‍රදේයේ පදිංචි 33 සහ 38 යන වයස් වල පසුවන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala