දිවයිනට බලපා ඇති තද සුලං සහිත තත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේවෙතත් අද දිනයේදීද දිවයිනේ ප‍්‍රදේශ රැසකට සහ මුහුදු ප‍්‍රදේශ වලට තද සුලං ඇති විය හැකි බවයි.
ඒ අනුව බස්නාහිර දකුණ මධ්‍යම උතුරු මැද සහ වයඹ යන පළාත් වලත් මොණරාගල දිස්ත‍්‍රික්කයේත් පැයට කිලෝමීටර් 60 ක් දක්වා වන තද සුලං ඇති විය හැකි වනවා.
ගාල්ල සිට කොළඹ පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත‍්‍රීකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර අගයක් දක්වා ඉහල යා හැකියි.
සබරගමුව සහ මධ්‍යම යන පළාත් වලට මිලිමීටර 50 දක්වා වන තද වැසි තත්වයක්ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala