ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල බී.සී ආකෘති පත‍්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග‍්‍රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා.
ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත‍්‍ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබෙනවා.
සියයට 90ක් පමණ අදාල ආකෘති පත‍්‍ර බෙදැහැරිම් අවසන් කර ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ.
ඇතැම් පුද්ගලයින් අවසාන මොහොත දක්වා මෙම බී.සී ආකෘති පත‍්‍ර බාරදිම සිදු නොකරන අතර එමගින් ගැටළු රැසක් මතුවන බව එම කාර්යාලය පෙන්වා දෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ කිහිපයක් සඳහා මෙම ඡන්ද හිමි නාමලේඛණය භාවිත කිරීමට නියමිතයි.
SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala