News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

උතුරේ සැඟවූ රත්‍රං සෙවීමට ගෙනගිය ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

540 Views


උතුරේ සැඟවූ රත්‍රං සෙවීමට ගෙනගිය ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

එල් ටී ටී ඊ සංවිධානය සඟවා තිබෙන රත‍‍්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත‍‍්‍රයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මඩුකන්ද පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද බුද්ධි තොරතුරකට අනුව වවුනියාව නවගමුව ප‍‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදීයි.

විශ‍‍්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු සැකකරුවන් අතරට ඇතුළත්. සැකකරුවන් සමග ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක්ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බළකාය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට උතුරු පළාතේ ප‍‍්‍රදේශ කිහිපයක එල් ටී ටී ඊ සංවිධානය විසින් වළදමා සඟවා ඇතැයි පැවසෙන රත‍‍්‍රං සොයා පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය වෙත බාරදී තිබෙනවා

SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post