News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

528 Views


නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද අලූ‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

ඇය 54 හැවිරිදි වරකාපොල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි. ඇය විසින් තද වන සේ හැද සිටි දිගු කළිසමේ සාක්කු වල මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය විසින් ග‍්‍රෑම් 290 ක් බර අත් පළඳනා තොගයක් සහ ග‍්‍රෑම් 945 ක් බර මාල තොගයක් මෙසේ නීතිවිරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි. සහකාර රේගු අධිකාරීවරුන් වෙත ඒ.එන්.ජේම්ස් සහ සම්පත් ජයරත්න යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම් .ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post