රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යෂෝධ රංගේබණ්ඩාර මහතා ලබන 14වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද හලාවත මසහේස්ත‍්‍රාත් අදිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ පසුගිය 06 වනදායි. ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම අනතුර සිදුව තිබුනා
කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉන් යෂෝධ රංගේබණ්ඩාර හා තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා
Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala